නීතිවිරෝධීව ගෙන් වූ සිගරට් ළඟ තබාගත් අයෙක්ට දඩ


(ඩී.ජී.සුගතපාල)
 
තීරු බදු නොගෙවා නීතිවිරෝධී ලෙස ගෙන්වන ලද සිගරට් 6568ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (03) රුපියල් 75,000ක දඩයක් නියම කළේය.
 
මෙසේ දඩ නියමවූයේ ගාල්ල කටුගොඩ තිරාණගමගේ ප්‍රභාත් ජයසේකර නමැති විත්තිකරුවෙකුටය.
 
ඔහු නීතිවිරෝධීව ආනයනය කළ සිගරට් ළඟතබාගෙන සිටියදි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදී තිබිණි.