නීතිවිරෝධී මත්පැන් බෝතල් 600ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට



(ජයන්ත සමරකෝන්)
 
නීතිවිරෝධී මත්පැන් ස්ප්‍රීතු බෝතල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ ඒකකය පවසයි.

සැකකරුවන් සතුව තිබී මත්පැන් බෝතල් 600ක් සුරාබදු ඒකකය බාරයට ගෙන ඇත.

මෙම මත්පැන් තොගයේ වටිනාකම රුපියල් 300,000ක් පමණ වන බවද ඒවා සීදුව කිදිගොඩ ප්‍රදේශයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බවද සුරාබදු නිලධාරීහු පවසති. 
 
ජාඇළ, ඔතේකැලේ ප්‍රදේශයේ සිට රැගෙන එන ලද මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගැනීමට එරෙහිව ප්‍රදේශවාසීන් කලහකාරී ලෙස හැසිරුණු බවද සුරාබදු ඒකකයේ ස්ථානාධිපති පී. ඒ. හේමන්ත මහතා පැවසීය.
 
සැකකරුවන් දෙදෙනා  මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.