(රොමේෂ් මධුෂංඛ)
නීතිවිරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබී තහනම් වල්නාශකයක් වන ග්ලයිපොස්පෙට් පොහොර පැකට් 458 ක් (කිලෝ 45ග්‍රෑම් 800) සමඟ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන අද (25) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් හා සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් පිරිසක් ඒකාබද්ධව කළ සෝදිසියක දී වවුනියාව ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට පිහිටි වෙළඳසැලක සඟවා තිබියදී මෙම ග්ලයිපොස්පේට් තොගය එම වෙළඳසැලේ හිමිකරු ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ග්ලයිපොස්පේට් තොගය දඹුල්ලේ සිට රැගෙන ආ පොහොර තොගයක අතර මැද සඟවා වවුනියාවට රැගෙනවිත් ඇති බවට තොරතුරු ලැබී ඇති අතර අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සමඟ ග්ලයිපොස්පේට් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා සෙට්ටිකුලම් පොලීසිය වෙතට බාර දීම පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පියවර ගනු ලැබීය.