නීතිවිරෝධී ක්‍රියා සිදුකළ 10 ක් අත්අඩංගුවට


(ක.ග.කරුණාරත්න)

ජල ගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී රැදී සිටිමින්  පුපුරණ ද්‍රව්‍ය යොදා මහවැලි ගඟේ මසුන් මැරීම ශාකවලට හානි සිදුවන ලෙස ගිනි දැල්වීම ඇතුළුව නිතිවිරෝධී ක‍්‍රියාවන් රැසක් සිදු කළැයි කියන පුද්ගලයෝ 10 ක් අද (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරුවන් පොලොන්නරුව, හිඟුරක්ගොඩ, වැලිකන්ද, සඳුන්පිටිය, අඹන්ගඟ යන ප‍්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සතිඅන්ත නිවාඩු දිනයේ විනෝදවීම සඳහා තමන් එහි පැමිණි සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී තිබේ.

මොවුන් සතුව තිබූ  පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීමට භාවිත කරන බෝම්බයක්, අරක්කු සහ බියර් බෝතල් තොගයක්, බාබකිව් උඳුනක් ආදිය අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද වනජීවි නිලධරයෝ පවසති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (22) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.