නීති විරෝධීව මසුන් ඇල්ලූ ධීවරයෝ 10ක් අත්අඩංගුවට


පුපුරණ ද්‍රව්‍ය යොදා ගනිමින් ඉරනතිව් දූපතට දකුණින් වූ මුහුදු තීරයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගල‍යින් 10 දෙනෙකු සහ ඔවුන්ට අයත් ඩිංගි බෝට්ටු 2 ක් අත්අඩංගුවට ගත් බව නිවික හමුදාව පවසයි.  
එම බෝටුවල තිබූ තහනම් දැල් 11 ක්, කිමිදීම සඳහා යොදා ගන්නා පා වරල් යුගල් 11 ක්, මුහුණු ආවරණ 11 ක්, ජී.පී.එස්. යන්ත්‍ර 2 ක් සහ මසුන් කිලෝග්‍රෑම් 29 ක් පමණ ද අත්අඩංගුවට නිවික හමුදා බාරයට ගෙන ඇත.  සැකකරුවන් සහ  ධීවර යාත්‍රා සහ ධීවර ආම්පන්න කිලිනොච්චි, ධීවර සම්පත් කළමනාකරණ සහකාර කාර්යාලයට බාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව කියයි.