(කල්පිටිය පද්මා කුමාරී කංකානම්ගේ)
විදේශීය රටවල නිෂ්පාදිත සිගරට්, නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි, කල්පිටිය නගරයේ සුපිරි වෙළදසැල් හිමියෙකු, සිගරට් 900 ක් ද සමගින්, කල්පිටිය පොලිසිය විසින් අද (23) සවස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් විදේශීය සිගරට් ඉතා ඉහළ මිළ ගණන්වලට, කල්පිටියේ විදේශීය සංචාරකයින්ට අලෙවි කරන බැව් ප්‍රශ්ණ කිරීම්වලදී අණාවරනය වූ බැව් කල්පිටිය පොලිසිය පවසයි.
නිතරම විදේශේගතවන පිරිසක් සංවිධානාත්මකව, තීරු බදු රහිතව වංචනික ලෙස මිලට ගන්නා සිගරට් මෙම අලෙවිකරුවන්ට සපයන බැව් පරීක්ෂණ මෙහෙයවන කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පවසයි.
සැකකරු සහ නඩු භාණ්ඩ පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
නීති විරෝධී විදේශීය සිගරට් විකිණූ සුපිරි වෙළදසැල් හිමියෙකු අල්ලයි
Recommended Articles