(පාලිත ආරියවංශ )
ඇදිරි නීතිය හා නිරෝධායන නීතිය කඩකරමින් වාහන වලින් බදුල්ල රිදීපාන කදු මුදුනට ගොස් සරුංගල් යැවීමට හා එය නැරඹිමට රැස්වූ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බදුල්ල පොලිසිය පවසයි.
අද (6) සවස පන්සීයකට අධික පිරිසක් රිදීපාන කදුමුදුනේ රැස්ව සිටියහ .
ඔවුන් පැමිණි ලොරි කාර්, ත්‍රිරෝද රථ මෝටර් සයිකල් ඇතුළු වාහන නිසා එම අතුරු මාර්ගයේ දැඩි තදබදයක් ද තිබිණි.