නිවසේ සඳළුතලයේ කංසා හේනක්


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රාජගිරිය නානායක්කාර මාවතේ පිහිටි දෙමහල් නිවසක සඳළුතලයේ ඉතා සූක්ෂම ලෙස කංසා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය පවසයි .

මේ අතර සැකකරුගේ නිවසේ සඟවා තිබූ අඩි තුනක් පමණ දිගින් යුත් කඩුවක් ද පොලිස් භාරයට ගත් බව කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන  ඇත්තේ  රාජගිරිය ඔබේසේකරපුර නානායක්කාර මාවතේ පදිංචි (34) "පොඩි සිදු " නමින් හඳුන්වන පුද්ගලයකු බව පොලිසිය කියයි .

සැකකරු අයිස් මත්ද්‍රව්‍ය අලවිකරණ බවට ලද තොරතුරක් අනුව පොලිස්  නිලධාරීන් කණ්ඩායමක් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී  මෙම   ගන්ජා  වගාව සොයා ගැනීමට හැකි වූ බව පැවසේ .

දෙමහල් නිවසේ ඉහල මාලයේ අලංකරණයට සඳලුතලයේ  තබා තිබූ මල් වගාවක තැනින් තැන මල් පෝච්චි වල මෙම ගංජා  පැල වගා කර තිබූ බව පොලිසිය කියයි

හොඳින් වැඩී තිබූ මෙම කංසා පැල  අඩි තුනක් පමණ උසින් යුක්ත  වන අතර මෙය කලක සිට කරගෙන විත් ඇති බව  ද පැවසේ

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අලුත් කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.