( සිතුම් චතුරංග)
වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් සාර්ථකව නිරෝධායනය අවසන්කළ පුද්ගලයින් 31 දෙනෙකු අද(17) නිවෙස්වෙත පිටව ගිය බව වන්නි යුද හමුදා මූලස්ථානය පැවසීය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ මෙම පිරිස දින 21 කාලයක් නිරෝධායනයවූ අතර නිරෝධායන අවසන්කළ මෙම පිරිසට නිරෝධාන සහතිකපත් ලබාදීමේ වැඩසටහනක්ද යුද හමුදාව විසින් පවත්වනු ලැබීය.
කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් ඇසුරුකිරීම හේතුවෙන් මෙම පිරිස නිරෝධායනය සඳහා යොමුකොට සිටි අතර ඔවුන් නාවලපිටිය හා සෙවනගල ප්‍රදේශයන්ගේ පදිංචි පිරිසක් බව යුද හමුදාව පැවසීය.
පම්පමඩුව යුද හමුදා කඳවුරේ නිරෝධායනය සඳහා රැදීසිටි අවසන් කණ්ඩායම මෙම පිරිස වන බවද යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
නිරෝධායනයටලක්වූවන්ට ප්‍රවාහන පහසුකම් යුද හමුදාව විසින් ලබාදී තිබූ අතර එම අවස්ථාව සඳහා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යුධ හමුදා නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.