( සිතුම් චතුරංග)
වවුනියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා කඳවුරේ නිරෝධායනය අවසන් කළ නාවික හමුදා සෙබළුන් 200 දෙනකු අද (11) උදෑසන පිටවගිය බව වන්නි යුද හමුදා මූලස්ථානය පවසයි.
පම්පමඩු යුද හමුදා කඳවුරේ 129 දෙනකු හා පෙරියකාඩු යුද හමුදා කඳවුරේ 71 දෙනකු සාර්ථකව දින 21 නිරෝධායනය අවසන්කොට පිටවගිය බව පැවසීය.
වැලිසර නාවික හමුදා කඳවුරුතුල කොවිඩ් - 19 වෛරස ව්‍යාප්තියත් සමඟ මෙම සෙබලුන් පිරිස නිරෝධායනය සඳහා පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත පසුගියදා යොමුකොට ඇත.
පිටවයන නාවික හමුදා සෙබලුන් පි.සී.ආර් පරීක්ෂණය සිදුකොට ඇති අතර ඔවුන්ට කොවිඩ්- 19 වෛරසය ආසාදනය නොවී ඇති බවට තහවුරුවී තිබුණි.