(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටු නියෝජ්‍ය නගරාධිපති (ශ්‍රිලපොපෙ) සමන්ත සිල්වා මහතා විසින්(ශ්‍රිලනිප) කණ්ඩායම් නායක නාගරික මන්ත්‍රි හිටපු නියෝජ්‍ය පුරපති සුජිත් පුෂ්පකුමාර මහතාට මොරටු මහ නගර සභා ගැබේ සභාව පැවැත්වෙන අද (4) වතුර බෝතලයකින් පහර දෙනු ලැබීය.
නගර සභා රියදුරෙකු පිළිබඳ පහර කෑ සහ පහර දුන් දෙදෙනා අතර සභාවේ අදහස් ප්‍රකාශ කිරීමේ දී ඇති වූ මත ගැටුමක් මෙයට හේතුවිය.
දෙදෙනාම එකම පේළියෙහි අසුන් ගෙන සිටින අතර දෙදෙනා අතරමැද සිටි මන්ත්‍රීවරුන්ගේ මැදිහත් වීමෙන් එල්ල කළ වතුර බෝතල් පහරදීම වළක්වාලමින් ගැටුම සමතයකට පත්කළහ.