නියඟයෙන් හෙම්බත් වු ගොවීන් යළි කුඹුරු අස්වද්දන්න සුදානම්



                   
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)


නියඟය නිසා කන්න හයකට ආසන්න ප්‍රමාණයක් කුඹුරු වගා කිරිමට නොහැකි වු  තබ්බෝවේ ගොවීන් වැව් පිරි ඉතිරි වාන් දැමීමත් සමඟ කුඹුරු අස්වැද්දීම ආරම්භ කර තිබේ. 


පසුගිය වසර තුනකට ආසන්න කාලයක් වගා කටයුතු සඳහා නිසි ලෙස වැසි නොලැබීම නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ 2000 කට ආසන්න වැව් සියල්ලම සිදි ගොස් තිබු අතර ඒ සමඟම තබ්බෝව, ඉගිනිමිටිය, කොට්ටුකච්චිය, කච්චිමඩුව, මහඋස්වැව, ඇතුළු ජලාශද අඩියටම සිදී තිබිණි.


 නමුත් පසුගිය දින කිපයක් තුළ ඇදහැළෙන වැස්සත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිනිමිටිය ජලාශය හැර අනිකුත් ජලාශ සිදීයාම සිදුව ඇති බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. 


කෙසේ නමුත් වැව් සහ ජලාශ පිරි ඉතිරි යාමත් සමඟ කුඹුරු වලට නැවත වසර කිපයකට පසුව පැමිණි ගොවීන් වගා කටයුතු ආරම්භ කිරිමට කුඹුරු සකසන ආකාරය මෙසේ කැමරාවේ සටහන් විය.