(ජයරත්න වික්‍රමාරච්චි)
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව පෙදෙසේ නියඟයෙන් හානියට පත් පොල් වගාව යළි නගා සිටුවීමේ අරමුණෙන් නැවත එහි පොල් වගා කිරීමේ සහනාධාර වැඩ සටහනක් අද (19) කරුවලගස්වැව ඉහළපුලියන්කුලම දී ආරම්භ කැරිණි.
මේ යටතේ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ අලුතින් වගා කිරීම සදහා පොල් පැළ 6000 බෙදා දීමට නියමිත බව ඉහළපුලියන්කුලමේ පැවැති පොල් පැළ බෙදා දීමේ ආරම්භක වැඩ සටහනේ දී කරුවලගස්වැව පොල් සංවර්ධන නිලධාරි ජනක පුෂ්පකුමාර මහතා පැවසීය.