(කේ. බුද්ධික කුමාරසිරි )
කඩුවෙල පහල බෝමිරිය ප‍්‍රදේශයේ නිමි ඇදුම් වෙළඳසලක ජනේලයක් බිඳ සොරෙන් ඇතුළු වූ පුද්ගලයෙකු එහි තිබූ නිමි ඇදුම් තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි වෙළඳසලේ හිමිකරුවන් විසින් නවගමුව පොලිසියට පැමිණිලි කර ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
අද (26) අලුයම මෙම සිදුවීම වී තිබේ.
දෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ පිහිටි මෙම නිමි ඇදුම් වෙළඳසලට ඉනිමගක ආධාරයෙන් එහි ජනේලයක වීදුරුව බිඳ වෙළඳසලට සැකකරු ඇතුලූ වී එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා දෙකක් කඩා දමන ආකාරය සහ ඇදුම් සොරා ගන්නා ආකාරය ද වෙනත් ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇති බවද පොලිසිය පවසයි'
මෙම සොරකම නිසාවෙන් සිදු වූ අලාභය රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බවද එම වෙළෂල් හිමිකරුවෝ පවසති.
නවගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.