නිධන් හාරමින් සිටි කට්ටඩියා ඇතුළු 8 අල්ලති


(රංජිත් රාජපක්ෂ)

 

පුද්ගලික ඉඩමක නිදන් හාරමින් සිටි සැකකරුවන් 08 දෙනෙකු අද (4) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති උපොප මල්දෙණිය මහතා පැවසිය.

මතුරට පොලිස් වසමට අයත් දඹේතැන්න ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක පිරිසක් නිධන් හාරමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑළිය කොට්ඨාස දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් වැටලීමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කට්ටඩියෙකු , පියෙක් සහ පුතෙකු ඇතුළු 08 දෙනෙකු වන බවත් , නිධන් හැරිමට උපයෝගී කරගත් උපකරණ රැසක් සහ පුජා උපකරණ රැසක් පොලිස් බාරයට ගැණිනි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 20 -40 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත් , සැකකරුවන් මතුරට ප්‍රදේශයේම පදිංචිකරුවෝ වෙති.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.