( සිතුම් චතුරංග)
වවුනියාව , නන්දිමිත්‍රගම කිඹුලාගල කන්දේ නිධන් හාරමින් සිටි ප්‍රාදේශිය රෝහල් වෛද්‍යවරයකුගේ බිරිඳ ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනකු අද (09) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව බෝගස්වැව පොලිසිය පවසයි.
නිධානයක් ගොඩගැනීම සඳහා කැණීම්කරන පිරිසක් සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසියේ බුද්ධි නිලධාරීන්වෙත ලැබුණ තොරතුරක්මත සිදුකල වැටලීමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
නිදන් හෑරීම සඳහා යොදාගත් පූජාවට්ටි , මන්ත්‍රපොත් , පිත්තල වළලු , ඇසිඩ් ද්‍රාවන හා උදැල්ලක් ඇතුළු කැණීම් උපකරණද සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයටගත්බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් අඩි දෙකක් පමණ ගැඹුරට කිඹුලාගල කන්දේ කැණීම් කර ඇති බවත් කළුගල මෙලෙක්කිරීම සඳහා ඇසිඩ් ද්‍රාවණයන් යොදාගැනීමට සූදානම් කෙට තිබූ බවත්ය.
නන්දිමිත්‍රගම ,කිඹුලාගල කන්ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉපැරණි නටඹුන් රැසක් සහිත ස්ථානයක් වන අතර කටාරම් සහිත පුරාවිද්‍යා නටඹුන් සහිත ස්ථානයක සැකකරුවන් කැණීම් කරමින් සිටි බවද පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව , නන්දිමිත්‍රගම ප්‍රදේශයේ පදිංචිකරුවන්වේ.