(ජයරත්න වික්‍රමාරච්චි)
මුන්දලම බරනන්කට්ටුව ප්‍රදේශයේ ගෙවත්තක පස් කපන මුවාවෙන් නිධානයක් ගොඩ ගැනීමට වළක් කපමින් සිටි බව කියන හය දෙනකු අද (14) අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.
සැකකරුවන් සමග පොළොව ඇතුළත බලන ස්කෑන් යන්ත්‍රයක්, ජල පොම්පයක්,බැකෝ යන්ත්‍රයක්, ලොරියක් හා වෑන් රථයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.