නිදන් හාරමින් සිටි 6 දෙනෙක් අත්අඩංගුවට


ජුඩ් සමන්ත

 

හලාවත - ඉනිගොඩවෙල ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් කපන මුවාවෙන් නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන 6 දෙනෙකු අද (11) අලුයම හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අතරින් එක් අයෙකු මුන්දලම - විල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සෙසු පිරිස හලාවත මැරවල පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. මැරවල පදිංචි සැකකරුවන් අතර කට්ටඩියකු ද සිටින බව පොලීසිය කියයි.

සැකකරුවන් සතුව තිබී ස්කෑනර් යන්ත්‍රයක්, සිතියමක්, මත් බුලත් තට්ටු කීපයක් සහ ජල මෝටර් 2 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.