( ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය රෝහලෙන් ඩෙංගු උණ රෝගියකු වාර්තා වන බවත් පවතින වැසි සහිත තත්වය හේතුවෙන් රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් රෝහල් වෛද්‍ය අධිකාරී අමිල මධුරාගොඩ .මහතා අද (18) පැවසීය.
මේ දිනවල ප්‍රදේශයට වැඩි වර්ෂාවක් ලැබෙමින් පවතින බැවින් නිවෙස් වල ජලය එක්රැස් වන ස්ථාන පිලිබඳව අවධානය යොමු කරන ලෙසද ,මදුරුවන් බෝවිය හැකි දෑ විනාශ කරන ලෙසද, තම නිවස සහ ගෙවත්ත ඉතා පිරිසිදුව තබා ගන්නා ලෙසද වෛද්‍ය අධිකාරී වරයා ජනතාවට දැනුම් දී සිටී.
එසේම තමන්ට උණ රෝග තත්වයක් පවතී නම් වහා රජයේ රෝහලකින් ප්‍රතිනාර ලබාගන්නා ලෙසද වෛද්‍ය අධිකාරී වරයා වැඩිදුරටත් ජනතාවට දන්වා සිටියේය.
නිකවැරටියේ ඩෙංගු හිස එසවීමේ අවදානමක්
Recommended Articles