නැගෙනහිර ඉංග්‍රීසි ගුරු විභාගය අවලංගු කරයි


(අමදෝරු අමරජිව  )

නැගෙනහිර පාළාත් පාසල් සදහා ඉංග්‍රිසි ගුරුවරුන් බදවා ගැනිමට  උසස් අධ්‍යාපන ඩිප්ලෝමාධාරින් වෙනුවෙන් පැවැත්වු  තරග විභාග   අවලංගු කළ නැගෙනහිර ආණ්ඩුකාර  අනුරාධා යහම්පත් මහත්මිය  ඒ සඳහා යළි  විභාගයක් පවත්වන්නැයි  පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාවට  නියෝග කළේය.

ප්‍රශ්ණ පත්‍ර පිටවිමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ලද පැමිණිල්ලක්  අනුව අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව සිදුකල පරික්ෂණ වාර්තාව සැලකිල්ලට ගත්  ආණ්ඩුකාරවරිය  මෙම නියෝගය නිකුත් කෙරිණි.

විභාග අයදුම්කරුවන්  වෙනුවෙන්  ඉංග්‍රිසි මාධ්‍යයෙන් පමණක්   විභාගය පවත්වා  ඉන් තෝරා ගන්නා අපේක්ෂකයන්ට ලබන ඔක්තෝම්බර් 15 ට පෙර පත්විම් ලබාදි අවසන් කරන ලෙසට ආණ්ඩුකාරවරිය නිකුත් කල නියෝගයේ දැක්වේ.

ප්‍රශ්ණ පත්‍ර සකස් කිරිමේදි එක් එක් විෂයට ප්‍රශ්න පත්‍ර කිහිපයක් සකස් කර එම ප්‍රශ්න අතරින් අවශ්‍ය ප්‍රමාණය තොරාගෙන පලාත් රාජ්‍ය සේවා කොමිසන් සභාව නම් කරන විද්වත් මණ්ඩයකින් අවසන් ප්‍රශ්න පත්‍රය සකස්කල යුතුවේ.

ප්‍රශ්න පත්‍ර සැකසීමේදි  හා පිළිතුරු පත්‍ර ඇගයිමේදි පලාත් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරින් හෝ කාර්ය මණ්ඩල සහභාගි කර නොගෙන මෙම විභාගය පවත්වා ලිඛිත පරික්ෂණයේ ප්‍රතිඵල සැප්තැම්බර් 10 දිනට ලබාදිය යුතු අතර ප්‍රායෝගික පරික්ෂණ වල ප්‍රතිඵල ඔක්තෝම්බර් මාසයේ ලබාදිය යුතුබව කල නියෝගයේ වැඩිදුරටත් දැක්වේ.