(හැටන් රංජිත් රාජපක්ෂ)
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු අද (05) එක්සත් ජාතික පක්ෂය සමග එක්විය.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්වීම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක, ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවකදී පැවැත්විණි.
එම රැස්වීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විය.
මෙම රැස්වීම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජීව මහතා විසින් සංවිධානය කර තිබුණි.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මහනුවර දිස්ත්‍රික් එජාප පා. මන්ත්‍රීවරුන් වන මයන්ත දිසානායක, වේලු කුමාර් යන මහත්වරුද අදහස් දැක්වූහ.