(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පෙටිටිගල වතු යායේ නාය යාමෙි අවදානම් තත්ත්වයක් හේතුවෙන් වතු කමිකරුු පවුල් 100 කට ආසන්න සංඛ්‍යාවකට අයත් සාමාජිකයින් 330දෙනෙකු බලන්ගොඩ පෙටිටිගල දෙමළ විදුහලේ තාවකාලික නතර කිරිමට කටයුතු කළ බව අද (20) බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා පැවැසිය
එමවතු කමිකරු ජනතාව පදිංචි වී සිටින වතු ලයින් නිවාස පේලියකට ඉහළින් ගලා ආ ජල පහරක් හේතුවෙන් වතු නිවාස පේළිය නාය යාමේ අවදානම් තත්ත්වයක් ඇති වි තිබෙන බව ප්‍රදේශිය ලේකම් වරය කිය.
බලන්ගොඩ ප්‍රදේශයට පැවැති අධික වර්ෂාපතනය හේතුවෙන් නාය අවදානම් තත්ත්වය ඇති වි තිබෙන බව ඒ මහතා කිිය.
පෙටිටිගල දෙමළ විදුහලේ තාවකාලික නතර කළ ජනතාවට බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය ,බලන්ගොඩ ප්‍රදේශිය සභාවෙි සභාපති සුනිල් ප්‍රේමසිරි මහතාගේ ද සහය ඇතිව වියලි ආහාර ලබා දිමට කටයුතු කළ බවද ප්‍රදේශිය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කලේය.