(සමන් පාලිත නානායක්කාර)
වර්ෂාව සමග නායයාමේ අවදානමක් මතු වූ බැවින් අද (10) හපුතලේ කහගොල්ල වතුයායේ පවුල් 52ක සාමාජිකයින් 240දෙනෙකු වහාම ඉවත් කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම ස්ථානය නාය යාමේ දැඩි අවදානම් කලාපයක් ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නම් කර ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදයකුමාර මහතා පැවසී ය.
ඉවත් කළ පුද්ගලයින් කහගොල්ල දෙමළ මහා විදුහලේ තාවකාලික කඳවුරක රඳවා ඇතැයි ද ඔවුන්ට අවශ්‍ය පිසු ආහාර ඇතුළු සහන ලබාදීමට කටයුතු කර ඇතැයි ද ආපදා සහන කණ්ඩායම් පවසයි.
මෙසේ ඉවත් කළ පවුල් වල සාමාජිකයින් අතර අවුරුදු පහට අඩු දරුවන් 20 දෙනෙකු, කාන්තාවන් 108 දෙනකු හා පිරිමින් 102 දෙනෙකු සිටින බව ආපදා සහන නිලධාරීහු පවසති.

