නාඳුනන පුද්ගල මළ සිරුරක් පොළොන්නරුවේ පාලමක් යට


(ක.ග.කරුණාරත්න)

පොලොන්නරුව මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප‍්‍රදේශයේ පාලමක් යට තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් අද (28) හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි.

ඒ සම්බන්‍ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (28) සවස පැවැත වූ බව පොලිසිය පැවැසීය.