(කේ.ඩී.දේවප්‍රිය සහ එම්.කේ.නන්දසේන)
කතරගම පූජා භූමිය ආසන්නයේ ඇති නාගහවීදිය ගම්මානයට මායිමට ආසන්නයට කිසියම් පිරිසක් විසින් රෝහල් වලින් බැහැර කරනු ලබන අපද්‍රව්‍ය තොගයක් මුදා හැර තිබේ.
මේවා අතර එන්නත් කටු, ඖෂධ හිස් බෝතල් හා කල් ඉකුත් වූ බෙහෙත් ද්‍රව්‍ය වෙති.
නාගහවීදිය ගම්මානය ආසන්නයට මෙම අපද්‍රව්‍ය රැගෙන විත් දමා ගොස් තිබීම හේතුවෙන් ප්‍රදේශය අවට දැඩි දුර්ගන්ධයක් ඇතී බව ගම්මු පවසති.
මෙයට අමතරව මෙම ද්‍රව්‍ය යාල වන සීමාවේ වන සතුන් මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීම මත වටිනා වන සම්පතට ද තර්ජනයක් වී ඇත.
කතරගම මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. ජී.දිලාන් බුද්ධික මහතා පැවසුවේ ප‍්‍රදේශ වාසීන්ගේ සහායෙන් මෙම අපද්‍රව්‍ය දැමූ පුද්ගලයා හඳුනාගෙන ඇති බවත් කතරගම පොලිසිය එක්ව නීතිය මගින් කටයුතු සිදුකරන බවයි.