(ඉන්දික අරුණ කුමාර)
මාතලේ දිස්ත‍්‍රික්කයට මේ දිනවල පවතින වැසි සහිත තත්ත්වය හේතුවෙන් නාඋල නගරයේ පැවැත්වෙන සති පොළ අද (28) ජලයෙන් යටවිය.
පාරිභෝගිකයෝ විශාල පිරිසක් සිය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා සතිපතා නාඋල පොළට පැමිණෙති.
මේ අතර පවතින වැසි සහිත තත්ත්වය හමුවේ පසුගිය සතියේ විශාල මිල ගණන් යටතේ අලවි වූ එළවළු වර්ග රැසක මිල පහත වැටී තිබේ.
රුපියල් 200 දක්වා මිලකට අලවි වු තක්තාලි කිලෝවක් රුපියල් 100 දක්වාත් වට්බටු කිලෝව රුපියල් 50 ක් ද පහත බැස ඇත.
යක්කල හා බැල්ම්මහර ප‍්‍රදේශ වලින් පැමිණෙන අන්නාසි වල මිල ද ගෙඩියක් රුපියල් 50 දක්වා පහත බැස තිබීම විශේෂත්වයකි.