නවනැලියේ කතක් ලාම්පුව පෙරළී පිලිස්සෙයි


(ඩබ්ලිව්.ඒ.අසේල)

නිවසේ විදුලිය නොමැතිකම නිසා අද (18) කුප්පු ලාම්පුවක් දල්වා තිබියදි නවනැලිය ප්‍රදේශයේ කාන්තාවක් එම ලාම්පුව පෙරලී ඇතිවු ගින්නෙන් පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.

විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන්  තලාතුඔය නවනැලිය ප්‍රදේශයට පසුගිය දින තුන තුළ විදුලිය නොමැති වීම නිසා මෙම අනතුර සිදුවී ඇත.

මෙසේ පිලිස්සුම් තුවාල ලබා ඇත්තේ නවනැලිය හනගස්හන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු පනස් හතරක තුන්දරු මවකි. මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා ඇත.