නරක් වු කුකුල් මස් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


( සිතුම් චතුරංග)

මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ700 ක ප්‍රමාණයක් ලෙරි රථයකින් රැගෙනයමින් සිටි පුද්ගලයකු මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවටගනු ලැබුහ.

පරිභෝජනයට නොසුදුසු කුකුල්මස් අලෙවිකරන ලොරි රථයක් පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලැබුණ තොරතුරක් මත සිදුකළ හදිසි පරීක්ෂා කිරීමකදී නියමිත ශිතාගාර උපයෝගි කර නොගනිමින් ලොරි රථයක පටවා රැගෙනයමින් තිබූ කුකුල් මස් තොගය එලෙස සොයාගත් බවයි.

ලොරි රථයේ කුකුල් මස් තොගය නියමිත පරිදි ඇසුරුම් කොට නොතිබු බවත් ශීතාගාරයක් හෝ නොමැතිව සැකකරු මස් ප්‍රවාහනය කොට ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැවසූහ.

අත්අඩංගුවටගත් කුකුළු මස් තොගය හා සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.