නයිනමඩමේ අනතුරින් අඹු සැමියෝ රෝහලේ


( චන්දන ප්‍රනාන්දු)   

කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ නයිනමඩම ප්‍රදේශයේදි අද (2) උදැසන කුඩා ලොරි රථයක් හා යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදියේ ගමන්ගත් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල්ගත කරනු ලැබූ බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි. 
ලොරි රථයේ රියදුරා බීමත්ව රිය පදවා ඇති   බවට තහවුරු  වු බවත්  බිමතින් රිය පදවා අනතුරක් කිරිම සම්බන්ධයෙන් වාරියපොල පදිංචි 37 හැවිරිදි රියදුරු සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.                                        
රථවාහන වැරදි සඳහා ක්‍රියාත්මක නව දඩ අනුව බීමතින් රිය පැදවිමෙන් රුපියල් 25000ක දඩයකට යටත් වන අතර මෙම අනතුර නව රථවාහන දඩ නීතිය ක්‍රියාත්මක වූ පසු වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ සිදුවූ පළමු වරද බව පොලිසිය පවසයි.