නමුණුකුල නහවිල කදුවැටියේ ගින්නක්


(ඩී.කේ.රත්න)

නමුණුකුල කදුවැටියේ නැගෙනහිර බෑවුමේ පිහිටි නමුණුකුල නහවිල කදුවැටියේ අද (08) ගින්නක් හටගෙන තිබේ.

මේ වනවිටත් ගින්න පැතිරයමින් පවතින අතර අක්කර පහක පමණ භූමි ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇතැයි ඇල්ල පොලිසිය පැවසීය.

ගින්න නමුණුකුල කදුවැටියේ ඉහළ ප්‍රදේශයට ව්‍යාප්ත වීමට නොදී නිවා දැමීමට ඇල්ල පොලිසිය ප්‍රදේශවාසීන්ගේ සහයද ඇතිව කටයුතු කරමින් සිටිති.

කිසියම් පුද්ගලයෙකු මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය කියයි.

මෙම ගින්න නමුණුකුල කදුවැටියේ ඉහළ ප්‍රදේශය දක්වා පැතිරී ගියහොත් නමුණුකුල කදු රක්ෂිතයට විශාල හානියක් සිදුවීමේ අවදානමක් පවතින බව පොලිසිය පැවසීය.