නඩු පිටපතක් ගන්න අධිකරණයට පැමිණි අයෙක් හදිසියේ මිය ගිහින්



(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණානායක)

නඩු පිටපතක් ලබා ගැනීම සඳහා ගම්පහ අධිකරණයට පැමිණි 58 හැවිරිදි පුද්ගලයකු  හදිසියේ අසනීප වීමෙන් මිය ගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ  උඩුගම්පොළ,දොඹවෙල පදිංචි  කේ චන්ද්‍රකුමාර  වික්‍රමසිංහ නැමැති දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා ඔහුට අවශ්‍ය නඩුවක පිටපතක් ලබා ගැනීම සඳහා  අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා හමුවීමට පැමිණ ඇති අතර එහිදී  හදසියේ රෝගාතුර වී තිබේ. අනතුරුව ගිලන් රථයක් 
ගෙනවා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළද ඒ වන විටත් ඔහු මිය ගොස් සිටිබව රෝහල් ප්‍රකාශකයකු සඳහන් කළේය.