(අමල් වික්‍රමරත්න)
ගාලු දිස්ත්‍රික්කයේ බහුදින ධීවර යාත්‍රා හිමියන් සදහා ටැබ් යන්ත්‍ර ලබාදීමේ උත්සවයක් ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේදී ඊයේ (16) පැවැත්විණ.
මෙහිදී රුපියල් 790 000 වටිනා ටැබ් යන්ත්‍ර ධීවර යාත්‍රා හිමිකරුවන් වෙත නොමිලයේ ලබා දුන්නේය.
මේ අතර ගාලු දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම සහ නිවාස අලුත්වැඩියා කිරීම සදහා ධීවර පියස සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙල යටතේ දහනම ලක්ෂ අසුදහසක මුදලක් ද පිරිනැමිණි.