ධර්මදූත විද්‍යාලයේ 35කට බීම විෂ වෙයි


(පාලිත ආරියවංශ )

බීම වර්ගයක් විෂ වීම නිසා බදුල්ල ධර්මදූත විද්‍යාලයේ හය ශ්‍රේණියේ  සිසුන් 10 දෙනකු රෝහල් ගත කර ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

35 දෙනකුට අසාත්මික තත්ත්වයක් හටගෙන ඇති අතර සිසුන් 25 දෙනකු බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් තිබේ.
එම සිසුන්ට ඔක්කාරය සහ හිස කැක්කුම වැනි රෝගී තත්ත්වයන් ඇති බව කියැවේ.

රෝහල් ගතකළ සිසුන්ගේ තත්ත්වය බරපතල නැතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.පැණිබීම සාදන ආකාරය පිළිබද අධ්‍යයනයක් ලබාගැනීමට දොඩම්,දෙහි සහ අයිස්ක්‍රීම් යොදා එම බීම සකස් කර ඇතැයි පැවසේ.