දේශපාලන පළිගැනීම් නවත්වන්නැයි විරෝධතා පා ගමනක්


(ක.ග.කරුණාරත්න)
දේශපාලන දඩයම්, පළිගැනීම් වහා නතර කරන ලෙස බලකරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබූ පා ගමනක් අද(30) පොළොන්නරුවේදී පැවැත්විණි.
 
පොළොන්නරුව නගරයේ සිට කදුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම්පොළ තෙක් පැමිණි මෙම පාගමනට 1500 කපමණ පරිසක් එක්ව සිටියහ.

පොළොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිෙමින්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට එල්ලව ඇතැයි කියන මරණය තර්ජන සම්බන්‍ධයෙන් පොලිසිය පරීක්‍ෂණ සිදු නොකිරීම, දේශපාලන බලය යොදවමින් සිදු කෙරෙන වැලි මාෆියාවට  එරෙහිව පොලිසිය නීතිය ක‍්‍රියාවේ  නොයෙදීම සම්බන්‍ධයෙන්ද චෝදනා එල්ල කරමින් ලියූ සටන් පාඨ ද රැගෙන විරෝධතාකරුවෝ පෙළපාලියේ ගමන් ගත්හ.

අනතුරුව කදුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම්පොළේදී ජන හමුවක්ද පැවැති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් වන රොෂාන් රණසිංහ, ෂෙහාන් සේමසිංහ, දිලූම් අමුණුගම යන මහත්වරුද  ඇල්ලේවැවේ දේවමිත්තාලංකාර හිමිද ඒ ජනහමුව ඇමතූහ.