(ඉන්දික අරුණ කුමාර)
මාතලේ ගලේවෙල දේවහුව ගොවිජන සේවා බල ප‍්‍රදේශයට අයත් වැව් රක්ෂිත ප‍්‍රදේශ කිසියම් පිරිස් විසින් වසර ගණනාවක් තිස්සේ බලෙන් අල්ලා ගෙන සිටිම නිසා වැව්වලට විශාල හානියක් සිදුව ඇති බව දේවහුව ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.
ඇතැම් පුද්ගලයින් රක්ෂිතයට ඔප්පු පවා සාදාගෙන ඇති බව ද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතා ඉදිරියේ ඔවුහු කියා සිටියහ..
ඔවුන් මේ බව කියා සිටියේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා දේවහුව ගොවිජන බල ප‍්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජතයින්ගේ හමුවකදීය.
විශේෂයෙන් දේවහුව ජලාශයේ ද වැව් රක්ෂිතය අල්ලාගෙන ඇති බවත් වැව් රක්ෂිත අල්ලා ගෙන ඇති නිසා වැව් තාවුලූ විනාශ වි ඇති බවත් මේ නිසා වැව් ගොඩවිමේ අවදානමක් ඇතිවි තිබෙන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දුන්හ.
අමාත්‍ය වසන්ත අලූවිහාරේ මහතා වහාම මේ පිළිබදව පරික්ෂණයක් පවත්වා තමන් වෙත වාර්තාවක් සපයන ලෙස එම රැස්විම සදහා සහභාගි වි සිටි මාතලේ සහකාර ගොවිජන සේවා කොමසාරිස් පි.ජි සෝමරත්න මහතාට උපදෙස් දුන් අතර එහිදි කොමසාරිස්වරයා කියා සිටියේ ඉදිරි කාලය තුළ වැව් රක්ෂිත මායිම් කර මායිම් ගල් දමා සකස් කරන බවයි.