( රංජිත් රාජපක්‍ෂ )
මෙරට තහනම් කරන ලද එන්සි නැමැති පකිස්තානයෙන් ආනයනය කරන ලද මත්කුඩු ටින් 20ක් සමග සැකකරුවකු බගවන්තලාව නගරයේදි අද (17) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.
බගවන්තලාව නගරයේ වෙළෙඳසැලක දේව රූපයක් පිටුපස මෙම එන්සි ටින් තොගය සඟවා තිබු බව පොලිසිය පවසයි.
පාසල් සිසුන් සහ වතුකරයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් එන්සී ග‍්‍රෑම් දහයක් අඩංගු ටින් එකක් රැපියල් තුන්සියක් වැනි මිලකට අලෙවි කර ඇති බවට සැකකරුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඔහුට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයේ නඩු පැවරිමට කටයුතු කරන බව පොලිසිය කියයි.