( තුසිත කුමාර ද සිල්වා )
දෙවසරක් තිස්සේ අධිකරණය මගහැර සිටි වරෙන්තු දහයක් ඇති බේරුවල සහ වෙයන්ගල්ල ප්‍රදේශවල පදිංචිව සිටි පුද්ගලයකු බේරුවල පොලිසියේ පොලිස් සැරයන් ජයසිංහ මහතාට ලද තොරතුරක් මත අද (15) අලුයම බේරුවල හේනමරක්කල වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කියයි.
සැකකරු වයස 51 වන අයෙකු බවත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පිරිමි සහ කාන්තාවන්ට විදෙස් රැකියා ලබා දෙන ලෙස මුදල් වංචා සිදු කර විවෘත වරෙන්තු ලබා සිටි අයෙකු බවත්, මතුගම අධිකරණයට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් පොලිසිය කියයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න ,කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස, බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පද්මකුමාර යන මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් සැරයන් ජයසිංහ(51130) පොලිස් කොස්තාපල්වරුන් වන නිමර්ශන(69062), මධුරංග(92505),ශ්‍යාමින්(90336) යන මහත්වරු සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබේ.