(ඩබ්ලිව්.ඒ. අසේල)
දෙල්තොට බෝපිටිය වනහපුව වැවේ පාවෙමින් තිබී මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් අද (30) සොයාගත් බව ගලහ පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ මුග්ලම එරින් වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පෙරුමාල් පුෂ්පරාජ් නැමති එක්දරු පියෙකි.
ඔහු කලක් තිස්සේ මානසික ආබාධයකින් පෙලුණු බවට ඔහුගේ බිරිඳ හා ඥාතීන් ප්‍රකාශ කරන අතර අසනීපවලට ප්‍රතිකාර ලබාගැනීමට නක්ෂත්‍රකරුවෙකු වෙත යාම සඳහා ඊයේ බෝපිටිය ඥාතියෙකුගේ නිවසට ගොස් තිබිණි.
උදෑසන නිවසේ ඔහු නොමැති නිසා සොයා බලා ඇති අතර අසළ වැවක තිබී මළ සිරුර හමුවී ඇත.
මානසික රෝගි තත්ත්වය හේතුවෙන් ඔහු සියදිවි නසා ගන්නට ඇති බව පොලීසිය සැක කරයි.
පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.