( හාලිඇල- විජේරත්න රත්නායක )
ඇල්ල දෙමෝදර වලස්බැද්ද කන්දේ අද (31) පස්වරුවේ හටගත් ගින්නක් මේ වන විටත් පැතිරෙමින් පවතී.
බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව පිහිටි දෙමෝදර ගල්වලට තරමක් ඉහළින් පතන් ප්‍රදේශයේ හටගත් ගින්න මේ වන විට අක්කර 5ක පමණ කොටසක පැතිරී තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.
මෙම පතන් ප්‍රදේශයේ නිරන්තරයෙන් ගිණි ඇතිවන බවත් එම ප්‍රදේශයේ ගවයින් ඇති කරන ඇතැම් පිරිස් පතන් ප්‍රදේශයේ අලුත් තණකොළ ලියලෑම පිණිස හිතාමතා මෙසේ ගිණි තබන්නට ඇතැයි සැකකෙරන බව අවට වැසියෝ පවසති.