(හාලිඇල-විජේරත්න රත්නායක)
ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර 10 කණුව මුස්ලිම් කන්ද නම් ප්‍රදේශයේ මේ වනවිට ගින්නක් පැතිර යමින් පවතී.
එම ප්‍රදේශයේ පිහිටි ටර්පන්ටයින් වගාවක් සහිත රක්ෂිතයක අද (07) සවස මෙම ගින්න හටගෙන ඇති අතර මේ වන විට එහි අක්කර 5ක පමණ ප්‍රදේශයක් ගින්නෙන් දැවීගොස් ඇත.
පතන්බිමක් වූ මෙම රක්ෂිතයට යම් කිසිවෙකු හිතාමතා ගිණිතබන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.