(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙමහල් නිවසක උඩු මහලේ සිට ඒ ආසන්නයේ වූ කජු ගසක කජු පුහුලන්වලට පොලිතින් ආවරණ යෙදීමට ගිය විදුලි බල මණ්ඩලයේ සේවකයකු වහලයෙන් වැටී අද(05) මිය ගොස් ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ කහතුඩුව වෑතර පදිංචිව සිටි ගොරකාපිටියගේ ගුණසෝම නමැති 59 හැවිරිදි දෙදරු පියෙකි.
මෙම විදුලි කාර්මික ශිල්පියා ඉදිකෙරෙමින් පවතින සිය දෙමල් නිවසෙහි ඉහළ මහළින් වැටීමෙන් අඩි 23ක් පමණ උසකින් වැටී අනතුර සිදුව තිබේ.
තුවාල ලැබූ එම තැනැත්තා ප්‍රදේශවාසීන් විසින් වෑතර රෝහලට ගෙන යන ලද නමුත්, පසුව මියගිය බව රෝහලේ ප්‍රකාශකයෙක් කීය.



