දෙබරුන්ට බයේ වැටණු ගස ඉවත් කන්න කවුරුත් නෑ



ජයරත්න විල්ලර
මීරිගම වරකාපොළ මාර්ගයේ කැබැල්ලවිට හන්දිය අසල දෙබර කූඩ බැඳ තිබූ දෙල් ගසක් වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි ගම්වාසීහු පවසති.  මේ දිනවල පවතින වර්ෂාත සමග ඇති වූ තද සුළඟින් මෙම ගස ඇද වැටී ඇති අතර දෙබරකූඩ නිසා එය ඉවත් කිරීමට කිසිවෙකුත් ඉදිරිපත් වී නැත.