ඇස්. ගොඩගේ පොත් මැදුර හා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව තෙවැනි වරටත් ජ්‍යෙෂ්ඨ ලේඛක ප්‍රණාම සම්මාන උළෙල ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ දී පැවැත්විණි.
ලේඛකයෝ පෙරහරින් උත්සව ශාලාවට වෙත කැඳවා ගෙන යනු ලැබූහ
භාෂාවට, සාහිත්‍යට, පරිවර්තන සාහිත්‍යයට හා කවියට මහා මෙහෙවරක් කළ හා කරමින් සිටින සිංහල, දෙමළ පහා මුස්ලිම් ජ්‍යෙෂ්ඨ ලේඛක ලේඛිකාවෝ 15 දෙනෙක් සම්මාන ලදහ.
- මහාචාර්ය ආරිය රාජකරුණා මහතා (විචාරකයෙකි, පරිවර්තකයෙකි, ලේඛකයෙකි)
- මහාචාර්ය මර්ලින් පීරිස් මහතා (පරිවර්තකයෙකි, ඉංග්‍රීසි කෘති රචකයෙකි, ලතින් හා ග්‍රීක භාෂාවේ ප්‍රවීණතම විශේෂඥයෙකි)
- කිරළගහවෙල මාටින් ජයවර්ධන මහතා (කවියෙකි, පුවත්පත් ලේඛකයෙකි, ගුවන් විදුලි හා රූපවාහිනී වාඩයටහන් ඉදිරිපත් කරන්නෙකි)
- ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා (මාධ්‍යවේදියෙකි, ලේඛකයෙකි, පරිවර්තකයෙකි)
- මහාචාර්ය සිල්වි සේනාධීර මහත්මිය (ලේඛකයෙකි)
- ඇලඩින් හෙට්ටිආරච්චි මහතා (ලේඛකයෙකි, කවියෙකි)
- සෝමදාස අබේවික්‍රම මහතා ( මාධ්‍යවේදියෙකි, ලේඛකයෙකි, නළුවෙකි)
- ඇන්තනී ජීවා මහතා (ලේඛකයෙකි, සංස්කාරවරයෙකි)
- ජී.ඇම්. සේනාරත්න මහතා (ලේඛකයෙකි)
- සිරිපාල මාදුවාගේ මහතා (ලේඛකයෙකි, විචාරකයෙකි)
- මඩකුඹුරේ නෝමන් සිරිපාල මහතා (ලේඛකයෙකි, සංස්කාරකවරයෙකි, මාධ්‍යවේදියෙකි)
- සමන් පුෂ්පකුමාර මහත්මිය (පරිවර්තකයෙකි, ලේඛකයෙකි)
- මාදිනියාර් ආනන්දි නඩරාජා මහත්මිය (ලේඛකයෙකි)
- ලක්ෂ්මන් මල්ලවාරච්චි මහතා (ලේඛකයෙකි, කවියෙකි, ගීත රචකයෙකි)
- මේමන් කවි මහතා (ලේඛකයෙකි, පරිවර්තකයෙකි)
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් මෙම සම්මාන පිරිනැමිණි.