(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
හබරාදුව අධ්‍යාපන කොට්ඨාසයේ විදුහලක චිත්‍ර කර්මය ඉගැන්වූ ගුරුවරයකු පන්ති කාමරය තුළදී 6 ශ්‍රේණියේ සිසුනට ඔහුගේ ජංගම දුරකතනයෙන් අසභ්‍ය පින්තූර පෙන්වීම සම්බන්ධයෙන් ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අද (28) අත් අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය කියයි.
දීර්ඝ විමර්ෂණයකින් පසු මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ විදුහලේ විදුහල්පතිවරයා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව බවද පොලිසිය කියයි.
සැකකරු හෙට (29) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.