දුරකථන කුලුන අලුත්වැඩියාවට පැමිණි ඉංජිනේරුවරයාට විරෝධතාවයක්


ඩී.ජී.සුගතපාල

බද්දේගම සන්දරවල තිබෙන පුද්ගලික දුරකතන සමාගමකට අයත් දුරකතන සම්ප්‍රේෂණ කුළුණකට අද( 15) දහවල් අකුණු සැර වැදිම හේතුවෙන් හානි සිදුව ඇති සැටලයිට් යන්ත්‍ර කිහිපයක් හා ජෙනරේටර්යක් අලුත් වැඩියා කිරිමට පැමිණි ඉංජිනේරුවරයෙකුට අසල්වැසියන් පිරිසක් විරෝධය පල කිරිමෙන් එහි අලුත්වැඩියා කටයුතු කිරිමට නොහැකිවු අතර පසුව පොලිසියට මැදිහත් විමටද සිදුවිය.

එම ස්ථානයට රැස්වුයේ අද දහවල් අකුණු සැර වැදිම නිසා නිවාසවලට සහ විදුලි උපකරණවලට හානිවු දුරකතන කුළුණ අසල පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් කියා සිටියේ දුරකතන කුළුණ නිසා තමන්ගේ නිවෙස්වලට අකුණු සැර වැදුණු බැවින් දුර කතන සමාගම ඒ වෙනුවෙන් වන්දි ලබාදිය යුතු බවය.

මේ නිසා එහි අලුත් වැඩියා කටයුතු කිරිමට නොලැබුණු අතර පසුව සිද්ධිය සමථයකට පත් කිරිම සඳහා පොලිසියට ද මැදිහත් විමට සිදුවිය.

අද සවසම පොලිසියට පැමිණෙන ලෙස දෙපාර්ශවයටම දැන්විමෙන් පසු විරෝධතාවය දැක්වු පිරිස විසිර ගියහ.