( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කලුතර ජංගම දුරකතන අලෙවි සැලක් කඩා රුපියල් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා උසස් වර්ගයේ ජංගම දුරකතන අටක් සොරාගත් ත්‍රිරෝද රථ රියදුරන් දෙදනකු අද (11) අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සොරාගෙන තිබූ එම ජංගම දුරකතන අටද පොලිස් බාරයට ගෙන තිබේ.
ඉකුත් මස 14 වැනිදා මෙම සැකකරුවන් දෙදනා ජංගමදුරකතන අලෙවිසැලේ ඉදිරිපස වීදුරුවට ගලකින් ගසා අලාභහානි සිදු කර වෙළෙදසැලට ඇතුළු වී ජංගම දුරකතන සොරාගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා කොළඹ කුලී රථ ගමන්වල යෙදෙන්නන් බවද ඔවුන් දෙදෙනා බෞද්ධාලෝක මාවතේදී හා අනෙකා නාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.

