(ටී.කේ.ජී.කපිල )
අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකතන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව ඒවා මිලදී ගැනීමට පැමිණ ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ තරුණයෙකු කටුනායක ගුවන් තොටුපළ පොලිසිය අද (23) කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට තරුණයා 21 හැවිරිදි අයෙකු වන අතර ඔහු හික්කඩුව ,කොළඹ සහ නුගේගොඩ ප්‍රදේශ වල පදිංචිව සිටිමින් එම ප්‍රදේශ වලදී විවාහයන් දෙකක් ද සිදුකර ගත් අයෙකු බව පොලිසිය සිදු කරන ලද මූලික පරීක්ෂණ වලදී අනාවරණය කරගෙන තිබේ.
මොහු මුලින්ම අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකතන අලෙවිය පිළිබඳව ඇති දැන්වීම් වල ඇති හිමිකරුවන්ට කතා කර පසුව ඔවුන් වෙත පැමිණ අදාළ දුරකථන පරීක්ෂා කර එම අයිතිකරුවන් සමඟ මිල ගනන් වලට එකඟ වේ.
ඉන්පසු ඔහු එම දුරකතනය අයිතිකරුගේ බැංකු ගිණුම් අංකය ලබා ගෙන ඔහු තම ජංගම දුරකථනය ඔස්සේ ඔහුගේ බැංකු ගිණුමෙන් අදාළ මුදල මෙම දුරකතන හිමිකරුගේ ගිණුමට මාරු වූ බවට බැංකුවෙන් නිකුත් කළ බව හැගවෙන ව්‍යාජ බැංකු නිවේදනයක් පෙන්වා එම දුරකථනය රැගෙන පළා යයි.
පසුව එම දුරකතන හිමිකරුවන් තම බැංකුවෙන් මෙම ගණුදෙනුව පිළිබඳව විමසීම් සිදු කිරීමේ දී එවැනි මුදල් හුවමාරුවක් සිදුවී නොමැති බව වාර්තා වීමෙන් පසු ඒ පිළිබඳව මෙම තරුණයාට දැන් වූ විට අන්තර් ජාලයේ පමා වීමක් මත මෙය සිදු වී ඇති බවත් එය තව මද වේලාවකින් නිවැරැදි වන බවත් ඔහු ප්‍රකාශ කරන බවට කරුණු අනාවරණය වී තිබේ.
ඒ අතරතුර ඔහු එම ජංගම දුරකථනය අලෙවි කර මුදල් ලබා ගැනීම සිදු කරයි.
මේ ආකාරයට ඔහු කළ වංචාවන් රාශියක් පිළිබඳව දෙහිවල , පානදුර , ගල්කිස්ස , මිරිහාන සහ කටුනායක ඇතුළු පොලිස් ස්ථාන ගණනාවකට පැමිණිලි ලැබී තිබුණි.
අන්තර් ජාලයේ එවැනි දැන්වීමක් පළකර ඇති කටුනායක ගුවන් තොටුපළ පොලිසිය මෙම තරුණයා මෙම ජංගම දුරකථනය ලබා ගැනීමට කටුනායක ප්‍රදේශයට පැමිණ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.