දුම්රියේ ගැටී අයෙක් මරුට


(එම් .සුසිල් ප්‍රියන්ත)
 
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේදි අද (11) දුම්රියක ගැටී පුද්ගලයකු මියගොස් ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.
 
මියගොස් ඇත්තේ බලපිටිය බ්‍රාහ්මණවත්ත පදිංචි සිටිසන් ද සිල්වා නමැති 49 හැවිරිදි දෙදරු පියෙකි.
 
මාතර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මේ පුද්ගලයා ගැටී ඇති බවද පොලීසිය කියයි.
 
අහුන්ගල්ල පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.