පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ බටේපොල විජයසිරි
දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දකුමාර සකලසූරිය මහතා පොදු ජන පෙරමුණ එම පදවියෙන් ඉවත් කර සභාපති පදවියේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා විසින් එහි උප සභාපතිවරයා වූ ඉන්දික ජයසිංහ මහතා පත් කරනු ලැබී ය.
සභාපති පදවිය දැරූ සකලසූරිය මහතා ට එරෙහි ව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා තීරණයක් ලැබෙන තුරු මෙසේ උප සභාපතිවරයා එම පදවියට පත් කරනු ලැබ තිබේ.
හිටපු සභාපතිවරයාට එරෙහිව පවත්නා චෝදනා පිළිබඳ පරීක්ෂණයක් සඳහා ද නිලධාරියකු පත් කර ඇති අතර එම පරීක්ෂණයේ වාර්තාව මාස තුනක් ඇතුළත ලබා දෙන ලෙස ද ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත .
බස්නාහිර පළාත් පලාත් ආණ්ඩුකාරවරයාගේ නියෝග පරිදි සභාපති පදවියේ වැඩ බැලීමට පත් කෙරුණු ඉන්දික ජයසිංහ මහතා අද (21) වැඩ බාර ගැනීමට නියමිතය.
දිවුලපිටිය සභාපති ඉවතට : උප සභාපතිට වැඩ පැවරේ
Recommended Articles