දියේ ගිලී සිසුවෙක් මරුට


 (ජේ.කේ.එල් චාමින්ද)
 
ගිං ගඟේ මුල්කඩපාලම අසළ දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී අද (26) මියගොස් ඇති බැව් බද්දේගම පොලිසිය පවසයි.
 
මෙම පාසල් සිසුවා තම සහෝදරයකු  හා  පාසල් සිසුන් 6දෙනෙකු සමඟ දිය නෑම සඳහා මුල්කඩ පාළම අසලට ගොස් තිබිණි. මීටර් 100ක් පමණ දුරකින් මෙම සිසුන් ගිං ගඟේ දිය නාමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.

සිසුවාගේ සහෝදරයා ඇතුළු සෙසු සිසුන් ඔහු දියේ ගසාගෙන යන අයුරු දැක ඇතත්, බේරාගැනීමට නොහැකිව ඇත. 

සිසුවා දියේ ගිලි පැයකට පමණ පසු ඔහුගේ සිරුරු සොයාගෙන ඇත.